හිටපු ජනපති මහින්දගේ ජන්ම දිනය වෙනුවෙන් අභයාරාමයේ කිරි අම්මාවරුන්ගේ දානයක් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී අද දිනයේ දී කිරි අම්මාවරුන්ගේ අම්මාවරුන්ගේ දානමය පින්කමක් සිදු කර තිබෙනවා. ඒ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ අනුශාසකත්වයෙන්.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එම ආර්යාව ඇතුලු දේශපාලනඥයන් පිරිසක් එක්ව සිටියා.

දානමය පුණකර්මයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීම ද සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන්. යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය. එදා මෙතන අපිට ඉන්න වත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු අද බලන්න තථ්‍ය කොච්චර වෙනස් වෙලාද කියලා. බලය තියෙන දාට ඕනෙතරම් ඉන්නවා. බලය නැති දාට කිසි කෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොද පාඩම්.

පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්,

අද ඔබතුමාට නොයෙක් විදියේ බලවේග ක්‍රියාත්මක වෙනවා .ඔබතුමා මේ රට දිනා දුන්නු නායකයා. අද අපිට පේනවා මෙතනට සහභාගි වෙලා ඉන්නේ ඉන්නෙ කවුද කියලා.වැඩි පිරිසක් නැහැ.. බන්දුල ගුණවර්ධන, සරත් වීරසේකර, ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත. මම නඩු තීන්දු ගැන කතා කරන්න යන්නේ නැහැ..ඒක භයානකයි. නමුත් මන් නඩු දාපු මිනිස්සු ගැන කතා කරන්නම්. අපිට එදා යන්න බැරිව තිබුණු රටක් අද මේ තත්ත්වයට පත් කළේ මෙතුමා. එහෙම නායකයන්ට ලංකාවෙ කෙළෙහි ගුණ නොදත් මිනිසුන් අද නඩු දාලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13
Video thumbnail
අනුර කුමාර අඟුරු කුමාර වෙලා l Marikkar l Anura Kumara
12:54
Video thumbnail
මම දෙන ආතල් එකට රු 1000යි දෙන්නේ - මදිනේ සර් l Archuna
00:42
Video thumbnail
බාල කුමාරගේ ගැලවීම සඳහා අඟුරු කුමාර ඉදිරිපත් වෙනවා..විමල් හොදටම අමතයි
10:06
Video thumbnail
ගල් අඟුරුත් බාලයි.. රාජ්‍ය පාලනයත් බාලයි l Sajith l Anura
13:30
Video thumbnail
හා හා කෑවා නේද.. දැන් හිනාවෙන්නකෝ l Namal Rajapaksha
10:57
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."සුගීෂ්වර, කුමාර ජයකොඩිට හොදටම දෙසයි
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43