හිටපු ජනපති මහින්දගේ ජන්ම දිනය වෙනුවෙන් අභයාරාමයේ කිරි අම්මාවරුන්ගේ දානයක් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනයට සමගාමීව අභයාරාමයේදී අද දිනයේ දී කිරි අම්මාවරුන්ගේ අම්මාවරුන්ගේ දානමය පින්කමක් සිදු කර තිබෙනවා. ඒ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ අනුශාසකත්වයෙන්.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එම ආර්යාව ඇතුලු දේශපාලනඥයන් පිරිසක් එක්ව සිටියා.

දානමය පුණකර්මයෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ උපන්දිනය වෙනුවෙන් කේක් කැපීම ද සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙහිදී අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

මම මේ පිංකම කරන්නේ රට බේරාගත් නායකයා වෙනුවෙන්. යුතුකමක් වශයෙන්. නමුත් ඔබතුමාට පේනවා ඇති අද මෙතන තත්ත්වය. එදා මෙතන අපිට ඉන්න වත් ඉඩ නෑ. ඒ තරම් ඇමති මැතිවරු අද බලන්න තථ්‍ය කොච්චර වෙනස් වෙලාද කියලා. බලය තියෙන දාට ඕනෙතරම් ඉන්නවා. බලය නැති දාට කිසි කෙනෙක් නැහැ. ඔබතුමාට මේවා හොද පාඩම්.

පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්,

අද ඔබතුමාට නොයෙක් විදියේ බලවේග ක්‍රියාත්මක වෙනවා .ඔබතුමා මේ රට දිනා දුන්නු නායකයා. අද අපිට පේනවා මෙතනට සහභාගි වෙලා ඉන්නේ ඉන්නෙ කවුද කියලා.වැඩි පිරිසක් නැහැ.. බන්දුල ගුණවර්ධන, සරත් වීරසේකර, ගාමිණී ලොකුගේ, සනත් නිශාන්ත. මම නඩු තීන්දු ගැන කතා කරන්න යන්නේ නැහැ..ඒක භයානකයි. නමුත් මන් නඩු දාපු මිනිස්සු ගැන කතා කරන්නම්. අපිට එදා යන්න බැරිව තිබුණු රටක් අද මේ තත්ත්වයට පත් කළේ මෙතුමා. එහෙම නායකයන්ට ලංකාවෙ කෙළෙහි ගුණ නොදත් මිනිසුන් අද නඩු දාලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?