AFC Banner
AFC Banner
Empty Ad

හිටපු ජනපති කාම්බෝජයට

හිටපු ජනාධිපති මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන අද (21) කාම්බෝජය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි ලෝක නායකත්වය සමුළුවට සහ කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නියෝජිතයෙකු වශයෙන්.

කාම්බෝජය බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා අද දින කාම්බෝජයට ළඟා වුණා.

ඔහු කාම්බෝජයේ පිළිගනු ලැබුවේ එරට විදේශ කටයුතු ලේකම්වරයා විසින්.

ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි කාම්බෝජයේ පැවැත්වෙන ලෝක නායකත්වය සමුළුවේ සමාරම්භක උළෙලට ද අද මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී තිබෙනවා.

කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා ජාත්‍යන්තර නියෝජිතයෙකු වශයෙන් ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?