හිටපු ඇමතිනි චන්ද්‍රාණීට එරෙහි නඩුව යළි කැඳවීම ලබන 05 වැනිදා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු කාන්තා හා ළමා කටයුතු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව මාර්තු මස 05 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ අද (26) කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාරියට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මූලික විරෝධතා ඉදිරිපත් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ නඩුව යළි මාර්තු මස 05 වැනිදා කැඳවන ලෙස නියම කළා.

2019 ජනවාරි 14 වැනිදා සහ 2019 ජනවාරි 31 කාලය අතර කාල සීමාව තුළ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැතෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?