හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සමඟ ඔහුගේ බාල පුත්‍රයා ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අද (05) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබුණා.
ඒ, සතොස ආයතනය අයත් ලොරි රථයක් අවභාවිත කරමින් රජයට මූල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවයි.
ඒ අනුව ඔහු අද (05) පෙරවරුවේ එහි පැමිණි අතර, එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
7
+1
+1
+1
+1
2














