හිටපු අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ දී අද (22) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටක් අදහස් දැක් වූ හිටපු අග්‍රාමාත්‍යවරයා..

“ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දුන්නා. එවැනි ආර්ථිකයක් බිහි කරන්නම් අපි කළ යුතු දිගු කාලීන හා කෙටි කාලීන කටයුතු රැසක් තියෙනවා. මේ හැමදේම අපි තේරුම් ගත යුත්තේ ගෝලීය ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය යථාර්ථයන් සමඟයි. එවැනි උපායමාර්ගීක මාර්ගික සැලස්මක ගමන් කළොත් විතරයි අපිට සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ නිසා සංශෝධනයන්ට යටත්ව අපි සියලුදෙනාගේ සහයෝගය එයට ලබාදීම වැදගත්. යහපාලන ආණ්ඩුව අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. ඒක රටටත් මේ සභාවටත් රහසක් නෙමෙයි. අද ආර්ථිකය හදන්න අදහස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා. වගකීම් අරන් කරන්න කිව්වහම බෑ කියනවා. ඒ අය කැමති හැමදාම ජනප්‍රිය පැත්තේ ඉන්න. අපිට ඒ වගේ වීරත්වයක් වැඩක් නෑ. ප්‍රශ්න අභියෝගවලට මුහුණදෙන එක අපේ ප්‍රතිපත්තය. අපේ මේ මොහොතේ ජනතාව අතහැරලා පැනලා ගියේ නෑ, එහෙම යන්නෙත් නෑ”

https://youtu.be/JhKeVnmygjA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?