හිටපු අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය දැක්විය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

පාර්ලිමේන්තුවේ දී අද (22) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටක් අදහස් දැක් වූ හිටපු අග්‍රාමාත්‍යවරයා..

“ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් නව ආර්ථිකයක් නිර්මාණය කරන බව අයවැයෙන් පෙන්වා දුන්නා. එවැනි ආර්ථිකයක් බිහි කරන්නම් අපි කළ යුතු දිගු කාලීන හා කෙටි කාලීන කටයුතු රැසක් තියෙනවා. මේ හැමදේම අපි තේරුම් ගත යුත්තේ ගෝලීය ආර්ථික හා දේශපාලන ක්‍රියාවලිය යථාර්ථයන් සමඟයි. එවැනි උපායමාර්ගීක මාර්ගික සැලස්මක ගමන් කළොත් විතරයි අපිට සුබවාදී අනාගතයක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ නිසා සංශෝධනයන්ට යටත්ව අපි සියලුදෙනාගේ සහයෝගය එයට ලබාදීම වැදගත්. යහපාලන ආණ්ඩුව අපිට දරන්න බැරි තරම් ණය ගත්තා. ඒක රටටත් මේ සභාවටත් රහසක් නෙමෙයි. අද ආර්ථිකය හදන්න අදහස් ඉදිරිපත් කරන ඇතැම් අය එදා ඒ ආණ්ඩුවේ හිටියා. වගකීම් අරන් කරන්න කිව්වහම බෑ කියනවා. ඒ අය කැමති හැමදාම ජනප්‍රිය පැත්තේ ඉන්න. අපිට ඒ වගේ වීරත්වයක් වැඩක් නෑ. ප්‍රශ්න අභියෝගවලට මුහුණදෙන එක අපේ ප්‍රතිපත්තය. අපේ මේ මොහොතේ ජනතාව අතහැරලා පැනලා ගියේ නෑ, එහෙම යන්නෙත් නෑ”

https://youtu.be/JhKeVnmygjA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද බයවෙලා තමයි මිනිස්සුන්ව එක්කන් ආවේ
08:09
Video thumbnail
වාහනයක් මතට ගහක් කඩා වැටෙන අයුරු - වාහනේ ෆ්ලැට් වෙලාම ගියානේද ?
00:54
Video thumbnail
උසාවියට ආ ශානි මාධ්‍යයත් අයින් කරගෙන පිටව ගිය හැටි.."ගන්න එපා..ගන්න එපා.."
01:57
Video thumbnail
කොත්මලේ - ගම්පොළ ප්‍රධාන පාර තාවකාලිකව වසා දමයි
01:07
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණයෙන් පිටව ගිය හැටි මෙන්න
00:49
Video thumbnail
ලසන්තගේ ඝා#නයට සම්බන්ධ හතර දෙනෙක්ව ඝා#නය කරලා
03:53
Video thumbnail
අන්තරේ - පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්..පොලිස් බැරියල් කඩාගෙන මල්වානේ නිවසට ගිය හැටි
04:14
Video thumbnail
දැන් වැඩියෙන්ම කෙඳිරි ගාන්නේ ජනාධිපතිතුමා - දයාසිරි සැරටම කියයි
13:36
Video thumbnail
අයහපත් කාලගුණය නිසා ඉදිරි පැය 36 තුළ රටටම වෙන්න යන දේ මෙන්න
02:48
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල
00:43