හිඟ විදුලි බිල ගෙව්වත් නඩුව අස්කර ගන්නේ නැහැ – නීතිඥ විජිත කුමාර (වීඩියෝ)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නමින් පැවති හිඟ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු කළ ද ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩුව ඉවත්කර නොගන්නා බව නීතිඥ විජිත කුමාර පවසනවා.

අද (03) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ 2019 වසරේ පැවැති විවාහ මංගල උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට තිබූ හිඟ විදුලි බිල ගෙවා දැමීමට ඊයේ (02) කටයුතු කර තිබුණා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පැමිණ අදාළ හිඟ විදුලි බිල ගෙවා දැමීමටයි කටයුතු කළේ.

ඒ, අනුව රුපියල් 2,682,246.57ක හිඟ විදුලි බිලක් මෙලෙස ගෙවීමට රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබුණා.

එම මුදල ගෙවීමෙන් පසුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මාධ්‍ය වෙත පැවසුවේ එම හිඟ විදුලි බිල තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43