බොරලැස්ගමුව පොලිස් වසමේ නිර්මල මාවත ප්‍රදේශයේ දී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර ඊයේ (05) සිදුකර තිබෙනවා.
මෙම වැටලීමේ දී නිවාස සංකීර්ණයක තාවකාලික නිවසක් ලබාගෙන සිටි කාන්තාවක් හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17ක් හා කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වයස අවුරුදු 31ක, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ..
සැකකාරිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී වරෙන්තු 04ක් නිකුත් වී සිටි සැකකාරියක් බවයි අනාවරණය වී ඇත්තේ.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



