හැමෝම බලාගෙන තීරණය අද ගම්මන්පිල සියල්ල ඉදිරියේ දිගහරියි

බොරතෙල් ආනයනය කර පිරිපහදු කරනවාට වඩා පිරිපහදු කළ පෙට්‍රල් හා ඩීසල් ගෙන්වීම වසිදායක බවත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“තෙල් පිරිපහදුව විවෘත කරනු බොරතෙල් ගෙන එනු කියා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊයේ උද්ඝෝෂණයක් කරනවා මම දැක්කා. අපි බොරතෙල් ගෙන ඒම නතර කලේ රටේ පවතින විදේශ විනිමය සකසුරුවමින් පාවිච්චි කල යුතු නිසා. උද්ඝෝෂණ කලාම ඩොලර් පහල වෙලා බොරතෙල් මිල දී ගන්න පුළුවන් නම් මමත් උද්ඝෝෂණයට එකතු වෙනවා.

මොකද මටත් ඕනෑ බොරතෙල් ආනයනය කරලා හැකි ඉක්මනින් පිරිපහදුවේ වැඩ ආරම්භ කරන්න.බලශක්ති ඇමති විධියට මට ඩොලර් උපයන්න හැකියාවක් නෑ. තෙල් ආනයනය සදහා මුදල් මට මහා භාණ්ඩාගාරයෙන් ලබා දිය යුතුයි. එහෙම නම් මටත් පුළුවන් “ඩොලර් දියව්” කියලා භාණ්ඩාගාරය ඉදිරියේ උද්ඝෝෂණ කරන්න. ඒ වෙනුවට මම කලේ භාණ්ඩාගාරයට ඩොලර් උපයාගන්න විකල්ප ක්‍රමවේද සකසා ගන්න උදව් කිරීම පමනයි.

ආයතනය රැක ගැනීම සඳහා දුරදිග බලලා අපි තීන්දුවක් ගත්තාම ආයතනයට ආදරය කරන වෘත්තීය සමිති වල වගකීම තමයි ඒ තීන්දු වලට සහය දීම. ඒ තීන්දු වැරදි නම් කළ යුතු විකල්පය පෙන්වා දීම. එහෙම නොකර මෙවැනි බොලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අනුගමනය කරපු රාජ්‍ය ආයතන ගණනාවක් වැහිලා ගියා කියන තිත්ත ඇත්ත මට වෘත්තීය සමිතිවලට සිහිපත් කරන්න වෙනවා.

ලෝකයේ බලවත් රටවල් පවා බලශක්ති අර්බූදයකට මැදි වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවක රටේ තෙල් නැති, තෙල් ගන්න ඩොලර් නැති, ගබඩා කරන්න ටැංකි නැති රටක් වෙලාත් තවමත් අපි අඛණ්ඩ තෙල් සැපයුමක් සහතික කර තිබීම ඇත්තෙන්ම හාස්කමක්. වෘත්තීය සමිති පමණක් නොවේ සමස්ථ ජාතියම ඒ ගැන සතුටු වෙන්න ඕනෑ.

බොරතෙල් සඳහා ඩොලර් නැතිනම් පිරිපහදු කළ තෙල් වලට ඩොලර් කොහෙන්දැයි විපක්ෂ නායකතුමා අපෙන් ප්‍රශ්න කරනවා. අට සමත් විශ්‍රාමික සේවකයෙකුගෙන් තොරතුරු ලබා ගෙන කතා කරන්න ගියාම මා මිත්‍ර විපක්ෂ නායකතුමා අමාරුවේ වැටෙන එක නවත්වන්න බෑ.

අපේ පිරිපහදුව යල් පැන ගිය එකක් නිසා බොරතෙල් බැරල් එකකින් පෙට්‍රල් 14% සහ ඩීසල් 29%ක් වශයෙන් හැදෙන්නේ 43%යි. වෙනත් වචන වලින් කිව්වොත් පෙට්‍රල් සහ ඩීසල් බැරල් එකක් හදා ගන්න බොරතෙල් බැරල් 2.32 අවශ්‍යයි. ඔක්තෝම්බර් මාසයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 85යි. නමුත් ඩීසල් බැරලයක් ඩොලර් 93ක් වෙන විට පෙට්‍රල් බැරලයක් ඩොලර් 95යි.
එහෙම නම් අපට ඩීසල් සහ පෙට්‍රල් හැදෙන 14:29 අනුපාතයට ගත්තොත් පෙට්‍රල් – ඩීසල් බැරලයක මිල ඩොලර් 93.65යි. නමුත් පෙට්‍රල් – ඩීසල් බැරලයක් හදා ගැනීමට අවශ්‍ය බොරතෙල් බැරල් 2.32ක් මිල දී ගන්න ඩොලර් 197ක් අවශ්‍යයි. මේ නිසා තමයි සීමිත විදේශ විනිමය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා අපි බොරතෙල් ගෙන්වීම වෙනුවට සෘජුවම පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කරන්න තීරණය කලේ.

අර රස්සාවට බොරු කියන විශ්‍රාමිකයා තවත් බොරු ගණනාවක් කිව්වා. පිරිපහදුව වැසීමෙන් තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති වෙනවාලු. දැනටත් තෙල් සංස්ථාවට ඒකාධිකාරියක් නෑ. එල්අයිඕසි සමාගමට තෙල් බෙදා හැරීමේ බලපත්‍රයක් ලබා දීලා තෙල් සංස්ථාවේ ඒකාධිකාරිය නැති කලේ ඔය බොරු කියන විශ්‍රාමිකයාගේ ආණ්ඩුව කාලයේ තමයි. ඒ වගේම පිරිපහදු පවත්වා ගෙන යෑම සඳහා තෙල් සංස්ථාවට ඒකාධිකාරයක් නෑ. ඕනෑම අයෙකුට ලංකාවට ඇවිත් කිසිම බලපත්‍රයක් ලබා නොගෙන තෙල් පිරිපහදුවක් ආරම්භ කරන්න නීතියේ ඉඩ තියෙනවා. මම තෙල් පිරි පහදුවක් ආරම්භ කිරීමට පැමිනෙන නව ආයෝජකයෙක් ඒ සදහා බලපත්‍රයක් ලබා ගත යුතු බවට තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීමට උත්සාහ කල විට ඒකට විරුද්ධ වුණෙත් ඔය වෘත්තීය සමිති තමයි.

ඒ වගේම අධික වර්ෂාව නිසා විදුලි බල මණ්ඩලය අපෙන් දැවිතෙල් මිල දී ගන්නේ නෑ. දැනටත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොරතෙල් වලින් නිෂ්පාදනය කල දැවිතෙල් ටොන් 13,500ක් පාවිච්චි නොකර ගබඩා කරලා තිබෙනවා. ඒ නිසා බොරතලේ ආනයනය නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වන බව තවත් බොරුවක්. ඒ වගේම පිරිපහදුවේ ධාරිතාවය, නිෂ්පාදනය වන නිෂ්පාදිත අනුපාත සියල්ලම වැරදියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18