සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමේ ඉදිරි කටයුතු අධිකරණ තීන්දුව අනුව

අධිකරණය විසින් ලබා දෙන තීන්දුව අනුව සංවර්ධන නිලධාරීන් ගුරුසේවයට බඳවා ගැනීමට ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තුවන බව අධ්‍යපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවනවා.

අමාත්‍යවරයා පවසන්නේ සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවයි.

මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයේ විභාගවීම හේතුවෙන් අධිකරණය ලබා දෙන තීන්දුව අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

දිවිසවිය වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මෙම අදහස පළ කළා.

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට 2023 මාර්තු මස තරඟ විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබිය දී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බවත්, එහිදී අධිකරණය විසින් පැනවූ අතුරු තහනම් නියෝගය හේතු කොට ගෙන පැවැත්වීමට නියමිතව තිබූ විභාගය අත්හිටවනු ලැබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සංවර්ධන නිලධාරීන්හට අසාධාරණයක් වී ඇති බව පවසමින් ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණය කරනවාට වඩා විවිධ හේතු මත පදනම්ව අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති සංවර්ධන නිලධාරීන් මෙම පෙත්සම් ඉවත් කර ගන්නේ නම් එම නඩුව අවසන්වන බවත්, ඊළඟ සති දෙක තුන තුළ ඉදිරි කටයුතු සිදුකර ගත හැකි බව ද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16