හැමෝම කතාවෙන ධූමකේතුව බලන්න පුළුවන් ක්‍රමය

මේ දිනවල දැඩි කතාබහකට ලක්ව ඇති රෙනෝල්ඩ් ධූමකේතුව එළැඹෙන 18වැනිදායින් පමණ පසුව පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

කෙසේ වෙතත් දෙනෙතියක් ආධාරයෙන් මෙම ධූමකේතුව නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සූරියත් පෘථිවියත් අතර පවතින දුර මෙන් 35,000ක දුරක සිට මෙම ධූමකේතුව පැමිනෙන බවත් ඉතාම අධික වේගයකින් ගමන් කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා

“මේ ධූමකේතුව ලංකාවේ අපට පියවි ඇසට පෙනෙන්නේ නෑ. සමහර රටවල්වලට ඉතාම අපහසුතාවයෙන් දැක ගන්න පුලුවන්කම තියෙනවා. හොඳ තද කළු අහසක් තිබෙන අවස්ථාවලදී. 17වනදායින් පසුව වගේ මෙය දැක ගැනීමේ අවස්ථාව උදා වෙන්න පුලුවන් පියවි ඇසටත්. මේ වසරේ දැනට තිබෙන හොඳම ධූමකේතුව තමා මේක. මේ වසරේ මුල් කාලයේදී තමා මේක සොයා ගත්තේ “

“මේකේ තියෙන විශේෂත්වය තමා මේක නැවත එන ධූම කේතුවක් නෙමේ. සූර්යයා වටා ආවා ගියා. සූර්යයත් පෘථිවියත් අතර තිබෙන දුර වගේ 35,000ක් දුර ඉදලා මේක එන්නේ. ඒ වගේම මේ ධූමකේතුව ඉතාම අධික වේගයකින් එනවා. තත්ත්පරයට කිලෝ මීටර් 50ත් 70ත් අතර වේගයක්.” 

“බටහිර අහසේ නිරිත දිගට වන්නට හිරු බැස ගිහින් විනාඩි 30කට පමණ පසුව නැරඹීම ඉතාම සුදුසුයි. නමුත් පියවි ඇසට පෙනෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. ජනවාරි මාසේ මුල දක්වා අපිට මෙය නිරික්ෂණ කරන්න පුලුවන් මොකද ජනවාරි 3 තමා සූර්යයාට ඉතාම ආසන්නයෙන් මේක ගමන් කරන්නේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?