“හැමදාම ගව මුත්‍රා බිව්වා, ඒ නිසා මට කොරෝනා නෑ”

ඉන්දියාවේ වෛද්‍යවරුන් විසින් කොරෝනා වෛරසය සඳහා කිසිදු අත් බෙහෙතක් හෝ වෛද්‍ය නිර්දේශයක් නොමැති කිසිදු ඖෂධයක් ජනතාවට ලබා ගන්න එපායැයි පවසමින් සිටින අවස්ථාවක ඉන්දියානු පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් “ගව මුත්‍රා පානය” ප්‍රවර්ධනය කරමින් සිටින බව වාර්තා වෙයි.

ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන ප්‍රග්‍යා සිං තාකූර් විසින් මෙලෙස ගව මුත්‍රා පානය පිළිබඳව මෙලෙස ජනතාව අතර ප්‍රවර්ධනය කරමින් සිටියි.

මන්ත්‍රීවරිය විසින් අද (17) දිනයේ සහභාගී වු රැස්වීමක් අතර එම ස්ථානයට රැස්ව සිටි ජනතාව අමතමින් ඇය කියා තිබුණේ “අපි ඉන්දියානු ගවයන්ගේ මුත්‍රා පානය කළහොත් අපේ පෙනහළුවලට ආසාදනය ඇති වෙන්නේ නැහැ.මම සෑම දිනකම ගව මුත්‍රා පානය කරමි. ඒ නිසා තමයි මට දැන් කෝවිඩ් නැත්තේ..” යනුවෙනි.

ඇය මේ බව ක්‍රියා තිබුණේ රෝහලකට ඔක්සිජන් ටැංකි 25ක් ලබාදීමට පැමිණි අවස්ථාවේ වන අතර සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් මුව ආවරණයක් පළඳින්නට යැයි උපදෙස් ලබාදී තිබුණද ඇය එය පිළිපැඳ නොතිබුණි.

ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබුණේ  ප්‍රග්‍යා සිං තාකූර්ගේ  ප්‍රදේශය නියෝජනය කරන අනෙකුත් මන්ත්‍රීවරුන් කොරෝනා වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙළට දායක වී සිටියත් මන්ත්‍රීවරිය පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වු බවයි.

මීට පෙර භාරතීය ජනතා පක්ෂයේම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සුරේන්ද්‍ර සිං විසින් ජනතාව අතර ගව මුත්‍රා පානය කිරීම ප්‍රචලිත කිරීමේ යෙදී සිට තිබුණි. ඔහු විසින් විශේෂ වට්ටෝරුවක් සාදා ප්‍රසිද්ධියේ පානය කිරීමද කර තිබුණි.

ඉන්දියාව තුළ ගොම ශරීරයේ ආලේපනය කිරීම සහ ගව මුත්‍රා පානය එක්වරම ප්‍රචලිත වූ අතර වෛද්‍යවරුන් එය පාලනය කිරීම සඳහා දැඩි වෙහෙසක් දරා තිබුණි. ඉන්දීය වෛද්‍ය සංගමයේ ජාතික සභාපති වෛද්‍ය ජේ.ඒ ජයලාල් විසින් රෝයිටර් පුවත් සේවයට පවසා තිබුණේ කොවිඩ් -19 ට එරෙහිව ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා ගොම හෝ මුත්‍රා ක්‍රියා කරන බවට ස්ථිර විද්‍යාත්මක සාක්ෂි කිසිම අවස්ථාවක හමු නොවී ඇති බවයි. එමෙන්ම  එය මුළුමනින්ම විශ්වාසය මත පදනම් වූවක් බවද හෙතෙම පවසා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58