හැටන් මාරක බස් අනතුරේ රියදුරු තවදුරටත් හිරගෙට

පසුගියදා හැටන් – මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අසල ප්‍රපාතයට පෙරළීමේ සිදුවීමට සම්බන්ධව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම බස් රථයේ රියදුරු ජනවාරි මස 07 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.

මෙම නියෝගය අද (26) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි සිදු කරනු ලැබුවේ.

හැටන් මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා නියෝග කළේ; අනතුර සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා සහ හැටන් පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන සම්බන්ධයෙන් වන වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ සලකා බැලීමෙන් පසුවයි.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය නව තිස්පනේ පදිංචි රම්බොඩගෙදර ප්‍රසන්න බණ්ඩාර නමැති 46 හැවිරිදි තිදරු පියෙක්.

ඉකුත් (21) දින හැටන් සිට මහනුවර දක්වා සැකකරු විසින් ධාවනය කරන ලද පෞද්ගලික බස්
රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයෙන් මාර්ගයෙන් ඉවතට පැන තේ වත්තට පෙරලීමෙන් අනතුරක් සිදුවුණා.

එම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 59 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

රෝහල් ගත කළ තුවාලකරුවන්ගෙන් 15 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහලේ සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?