හැටන් බස් අනතුරේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහරී

හැටන් පෞද්ගලික බස් රථ අනතුරේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා අද (07) නියෝග කළා.

ඒ, අනුව සැකකාර රියදුරා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා සැකකරුට සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ පෙනී සිටන ලෙසට ද නියෝග කර සිටියා.

සැකකාර රියදුරාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, බස් රථයේ හිමිකරු අද (07) දින අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔහු ද රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමටයි තීන්දු කළේ.

ඔහුට ද සෑම මසකම අවසන් ඉරුදින හැටන් පොලිසියේ පෙනී සිටින ලෙසට නියෝග කළා.

ඒ, අනුව මෙම නඩුව ලබන මැයි මස 06 වනදා යළි කැඳවන ලෙසයි විනිසුරුවරයා දැනුම් දුන්නේ.

අනතුරට ලක්වූ බස් රථය බැදුම්කරයක් මත හිමිකරු වෙත මුදාහැරීමට විනිසුරුවරයා නියෝග කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?