හසිනිගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවමත් ප්‍රමාදයි – සිරුර තවමත් පානදුර රෝහලේ

පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරිම සඳහා අධිකරණ නියෝගයක් ලබාදී තිබූ මළසිරුරක් දින දෙකකට ආසන්න කාලයක් පානදුර මූලික රෝහලේ තැන්පත් කිරීමට සිදුව ඇති අවාසනාවන්ත පුවතක් පානදුර මුලික රෝහලෙන් වාර්තා වනවා.

වාද්දුව, පොතුපිටිය, ගොරකගහවත්ත මාවතේ පදිංචිව සිට ඊයේ (14) පස්වරුවේ සිය ස්වාමී පුරුෂයාගේ අත් පොරොව පහරකට ලක්ව මියගිය හසිනි හංසිකා රුවන්තිලක යන එක්දරු මවගේ මළසිරුර මෙසේ රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම මියගොස් ඇති කාන්තාවගේ එකම සොයුරිය ද පොරොව පහරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, වාර්තා වනවා.

මියගොස් ඇති කාන්තාවගේ මාස දෙකක් වයසැති එකම බිළිඳිය ද සමග අසරණව සිටින ඇයගේ මව ඊයේ (15) පැය ගණනාවක් වාද්දුව පොලිසියේ රැදී සිට නැවත නිවසට හරවා යවා තිබුණා.

මේ පිළිබඳ විමසීමේ දී වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර සදහන් කළේ, මහේස්ත්‍රාත් නියෝගය ලබාගෙන ඇති නමුත් පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පසුදින සිදුකරන බව දැනුම් දුන් බවයි.

එමෙන්ම මේ පිළිබඳ විමසීමේ දී පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් සඳහන් කර ඇත්තේ, පශ්චාත් මරණ පරීක්ෂණ‍‍‍ය පසුදින සිදුකිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ ඉහළ බලධාරීන්ගේ ද අවධානය යොමු කරන මෙන් එම පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
10
+1
0
+1
0
+1
15
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?