හසිනිගේ පශ්චාත් මරණ පරීක්ෂණය තවමත් ප්‍රමාදයි – සිරුර තවමත් පානදුර රෝහලේ

පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරිම සඳහා අධිකරණ නියෝගයක් ලබාදී තිබූ මළසිරුරක් දින දෙකකට ආසන්න කාලයක් පානදුර මූලික රෝහලේ තැන්පත් කිරීමට සිදුව ඇති අවාසනාවන්ත පුවතක් පානදුර මුලික රෝහලෙන් වාර්තා වනවා.

වාද්දුව, පොතුපිටිය, ගොරකගහවත්ත මාවතේ පදිංචිව සිට ඊයේ (14) පස්වරුවේ සිය ස්වාමී පුරුෂයාගේ අත් පොරොව පහරකට ලක්ව මියගිය හසිනි හංසිකා රුවන්තිලක යන එක්දරු මවගේ මළසිරුර මෙසේ රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එම මියගොස් ඇති කාන්තාවගේ එකම සොයුරිය ද පොරොව පහරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, වාර්තා වනවා.

මියගොස් ඇති කාන්තාවගේ මාස දෙකක් වයසැති එකම බිළිඳිය ද සමග අසරණව සිටින ඇයගේ මව ඊයේ (15) පැය ගණනාවක් වාද්දුව පොලිසියේ රැදී සිට නැවත නිවසට හරවා යවා තිබුණා.

මේ පිළිබඳ විමසීමේ දී වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද්‍ර කුමාර සදහන් කළේ, මහේස්ත්‍රාත් නියෝගය ලබාගෙන ඇති නමුත් පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පසුදින සිදුකරන බව දැනුම් දුන් බවයි.

එමෙන්ම මේ පිළිබඳ විමසීමේ දී පානදුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙක් සඳහන් කර ඇත්තේ, පශ්චාත් මරණ පරීක්ෂණ‍‍‍ය පසුදින සිදුකිරීමට ඔවුන් තීරණය කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ ඉහළ බලධාරීන්ගේ ද අවධානය යොමු කරන මෙන් එම පවුලේ සාමාජිකයින් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46
Video thumbnail
ශ්‍රී ලංකාව කලාපීය මූල්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බව සජිත් කියයි
02:47
Video thumbnail
ජල ගැල්මට ලක්වූ නිවාසවල ජනතාවට පිසු ආහාර ලබා දීමේ උතුම් ක්‍රියාව
01:59
Video thumbnail
මාරක අනතුරෙන් පසු එහි උණුසුම් තත්ත්වයක් - මූ හිඟාකන්න දාන්න ඕනි..කීදෙනෙක් මැ#ලද බලපන් ?
02:10
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු - සංවේදී අය නැරඹීමෙන් වළකින්න..!
00:59
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34