හවායි ඉතිහාසයේ දැවැන්තම ස්වභාවික ව්‍යසනයෙන් අතුරුදන් වූවන් සොයා මෙහෙයුමක්

හවායි දූපත්වල හටගත් දැවැන්ත ලැව් ගිනි ජාලා මධ්‍යයේ අතුරුදන් වූවන් සෙවීමට දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් දහසක් පමණ සම්බන්ධ කර ගැනීමට හෝ ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

ගින්න හේතුවෙන් මේවන විට පුද්ගලයන් 80කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි තහවුරු වී ඇති අතර තුවාලකරුවන් පිරිසක් රෝහල්වලට ද ඇතුලත් කර තිබෙනවා.

එමෙන්ම සංචාරකයන් ද ඇතුලු තවත් විශාල පිරිසක් ලැව් ගිනි හමුවේ ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමටයි පියවර ගැණුනේ.

ගින්න හමුවේ මියගිය පුද්ගලයන් හඳුනා ගැනීම වෙනුවෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු ද තවදුරටත් ක්‍රියාත්මකයි.

අධිකරණ වෛද්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා හවායි වෙත අතිරේක විශේෂඥ සහාය ද ලබාදී තිබෙනවා.

පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර තවත් විශාල පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු නොමැති බැවින් මෙම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවටයි බියක් මතුවී ඇත්තේ.

විනාශයට පත් ලහයිනා නගරය ඇතුළු මවුයි දූපතේ ඇතැම් ප්‍රදේශවල ගිනි නිවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

තවමත් පුද්ගලයන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමට නොහැකි අතර ආරක්ෂක හේතු හමුවේ ඇතැම් ප්‍රදේශවලට ළඟා විය නොහැකි බවයි බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, මළ සිරුරු හඳුනා ගැනීමට පුහුණු කරන ලද සුනඛයන් ලහයින ප්‍රදේශයේ සුන්බුන් යට මළ සිරුරු පිළිබඳ තොරතුරු සොයමින් සිටිනවා.

ප්‍රාදේශීය වරාය අවටින් ද මළ සිරුරු හමු වූ බවට ද වාර්තා වී ඇති අතර, එහිදී පුද්ගලයින් විශාල පිරිසක් බේරා ගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා.

පසුගියදා ඇති වූ ලැව්ගිනි හේතුවෙන් ගොඩනැගිලි 2,000කට වැඩි ප්‍රමාණයක් හානි වී හෝ විනාශ වී ඇති අතර ඉන් බහුතරයක් ලහයින ප්‍රදේශයේ පිහිටි ඒවායි.

හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් පැවසුවේ මෙම ලැව්ගිනි හවායි ප්‍රාන්ත ඉතිහාසයේ විශාලතම ස්වභාවික ව්‍යසනය බවයි.

ඇමරිකානු රතු කුරුස සංවිධානය වැනි සංවිධානවල සහාය ඇතිව නිවාස අහිමි වූවන් සඳහා ආහාර, ජලය සහ නවාතැන් සංවිධානය කිරීමට ප්‍රාදේශීය සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?