හලාවත මහ රෝහල නැවත දැනුම් දෙන තුරු වසා දමයි

මේ වන විට ජලයෙන් යටව පවතින හලාවත මහ රෝහල නැවත දැනුම්දෙන තුරු වසා දමන බවට එම රෝහලේ අධ්‍යක්ෂකවරයා දැනුම් දෙනවා,

රෝහලේ බොහෝ වාට්ටු ජලයෙන් යටව ඇති අතර රෝහල් උපකරණ කිහිපයකටදමේ වන විට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලාබා ගත රෝගීන් අතරින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන ළඳරුවන් ඇතුළු වැඩිහිටි රෝගීන් කිහිපදෙනෙක් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයකට මාරු කර යව තිබුණා.

මේ තත්ත්වය මත නැවත දැනුම් දෙන තුරු හලාවත මහ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට සහ රෝගීන් ඇතුළත් කිරීමට නොපැමිණෙන ලෙස රෝහල් අධ්‍යක්ෂකවරයා දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?