AFC Banner
Empty Ad
Empty Ad

හරීන් ප‍්‍රනාන්දු රෝහලේ..

හෘදයාබාධයක් ඇතිවීම හේතුවෙන් සමගි ගෙන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත කර තිබේ.

මීට මාස කිහිපයකට පෙර ඔහුට හෘදය ආශ‍්‍රිතව සිදුකරන ලද ආශ්‍රිත සැත්කමක් මත ඇති වූ සංකූලතාවයන් නිසා ඔහුට එම අසනීප තත්ත්වය ඇතිවී තිබෙන බව වාර්තා වෙයි.

පෙරේදා දිනයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබුණ මන්ත‍්‍රීවරයා ඊයේ වන විට ඔහු සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

“ඔහු ඊයේ දැඩි සත්කාර ඒකකයේ සිටි නමුත් දැන් ඔහුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කර ඇත. සිකුරාදා ඔහුට වෙනත් සැත්කමක් සිදු කරනු ඇත” යනුවෙන් ජ්‍යෙෂ්ඨ පාලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?