සංචාරක එංගලන්ත කණ්ඩායම සමඟ ඊයේ (30) පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 11ක පරාජයක් හිමිවුණා.
කෙසේ වෙතත් පන්දුවාර 17ක් තුළ ලකුණු 133ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම හමුවේ පන්දුවාර 04කට ලකුණු 18ක් පමණක් ලබා දෙමින් එක කඩුල්ලක් දවා ගැනීමට සමත් වූ මතීෂ පැතිර ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දුයවිමක නිරත වුණා.
මතීෂගේ මෙම පන්දු යැවීම හමුවේ පසුගිය තරගාවලි කිහිපයක ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුම වෙත විශේෂ සටහනක් එක්කර තිබෙනවා.
”අද ඔයාට බැනපු අය ගොඩක් දෙනෙක් සතුටු කරන්න ඔයාට පුලුවන් වෙලා හරිම සතුටුයි ඔයා ගැන පතී 🫂මතකයිනෙ කිව්ව එකක් දෙකක් වැරදුනොත් අයිමත් බනිනව පතී! ඒකට දැන් ඔයා පුරුදු වෙන්න අමාරුම තැන අමාරුවෙන්ම හිට ගන්න 🤝” යනුවෙන් ලසිත් මාලිංග සිය සටහනේ සඳහන් කර තිබුණා.














