AFC Banner
Empty Ad
Empty Ad

හර්ෂිතා – අතපත්තු එක් ව අවසන් එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට ගෙන දෙයි

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – අයර්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක වූ අවසන් තරගය කඩුලු 08කින් විශිෂ්ට ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

තරගය අද (20) බෙල්ෆාස්ට් හිදී ආරම්භ වූයේ කාසියේ වාසියේ ජය ද ශ්‍රී ලංකා කණ්ඩායම සතු කරමින්.

කාසියේ වාසිය දිනූ නායිකා චමරි අතපත්තු පළමු ව පන්දු යැවීමේ තෝරා ගත්තා.

ආරම්භයේ සිටම පීඩනකාරී පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 50ක් වන විට මුල් පෙළ කඩුලු 04 අයර්ලන්තයෙන් උදුරා ගන්නට සමත් ව සිටියා.

පන්දුවාර 50 අවසන් වීමටත් පෙර අයර්ලන්තය සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 122ක් පමණි.

කඩුලු බිඳ දැමීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ චමරි අතපත්තු ලකුණු 15කට කඩුලු 03ක් ද, අචිනි කුලසූරිය ලකුණු 35කට කඩුලු 03ක් ද බිඳ හෙලුවා.

සචිනි නිසංසලා කඩුලු 02ක් ද, ඉනෝෂි සහ අමා කඩුල්ල බැගින් බිඳ දැමුවා.

ජයග්‍රහණයට ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සිය ජයග්‍රහණය තහවරු කරගත්තේ කඩුලු 02ක් පමණක් දැවී පන්දුවාර 23කුත් එක් පන්දුවක් අවසන් වනවිටදීයි.

නායිකා චමරි එක්දින තවත් අර්ධ ශතකයක් පෙනෙන මානයේ දී ලකුණු 48කට දැවී ගිය අතර, කවදත් පිත්තෙන් දස්කම් දක්වන හර්ෂිතා පන්දු 56ක දී නොදැවී ලකුණු 48ක් රැස් කළා.

ඊට හැඩකාර හතරේ පහර 07ක් ද ඇතුළත්.

Ava Canning සහ Freya Sargent එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය ලකුණු 15කට කඩුලු 03ක් බිඳ දමා, ලකුණු 48ක් පිත්තෙන් ලබාගත් නායිකා චමරි හට හිමිවුණා.

තරගාවලියේ වීරයා සම්මානය අයර්ලන්තයේ Arlene Kelly විසින් දිනා ගනු ලැබුවා.

ඒ අනුව එක්දින තරගාවලියේ තරග 2-1ක් ලෙස ජය ගනිමින් අයර්ලන්තය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එරෙහිව එක්දින තරගාවලි ජයක් ලැබූ අතර; එරට දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එක් වූ පන්දුවාර 20 තරග දෙකකින් සමන්විත තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිළම ජය ගනිමින් සම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
45
+1
4
+1
41
+1
3
+1
11
+1
8
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙතුමා තව අවුරුදු 5ක් ඉන්නේ නෑ - රනිල් ඉදිරියේම වරද්ද ගත්ත තලතා#ranilwickremesinghe
02:21
Video thumbnail
AKD මේකනම් රැල්ලක් නෙවෙයි විශ්වාසයක් - මේ තමයි කරාපිටියේ ගැම්ම#anurakumaradissanayake
01:11
Video thumbnail
සජබ ඉද්දී ගහපු ගේම් සේරම හරීන් වමාරයි
02:37
Video thumbnail
දිගනට ආපු නාමල්ට උණුසුම් පිළිගැනීමක් - බලන්නකෝ දැන් එයාව පපරේ බෑන්ඩ් ගහලා පිළිගන්නේ
00:51
Video thumbnail
සජිත් දැක්ක හැමදේම නොමිලේ දෙනවා - ලෑස්තිද Chance එක දෙන්න ?
02:24
Video thumbnail
කවි පදයකින් රැලිය සනසවා ප්‍රේමදාස ගුණ වයපු බුද්ධික
07:03
Video thumbnail
අලි සබ්‍රි වේදිකාවේ සැරවෙයි - අනුර ලෙෆ්ට් - යුද්ධෙට නැති කඩුව - කොස් කොටන්නද#akd #npp
01:55
Video thumbnail
අම්මෝ රාජිතගේ කටේ සද්දේ - 21වෙනිදාට එළඹෙන්නේ ඡන්දයක් නෙවෙයි යුද්ධයක්#ranilwickremesinghe
02:29
Video thumbnail
රනිල්ගේ වේදිකාවේ රාජිතගේ ලස්සන කවියක් - ඒකනම් බොක්කටම වැදුනා රජිත#ranilwickremesinghe
02:05
Video thumbnail
අනුර කුමාරට සුමති හෝ රයිගම් සම්මාන හම්බවෙන්න ඕනි#anurakumaradissanayake
01:54

?