හර්ෂගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පළමු වරට රැස්වේ

09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (07) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානතවයෙන් රැස් වුණා.

මෙහිදී ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර, කැසිනෝ සඳහා නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කාලරාමුවක් සකස්කරන තෙක් මෙම කෙටුම්පත සලකා බැලීම
සතියකින් කල් දැමීම සිදුවුණා.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම පිළිබඳ මින් පෙර සාකච්ඡා වූ බවත්, ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් සකස් කළ කාල රාමුවකට අනුව 2023 ජනවාරි 31 වන විට මෙම නියාමන අධිකාරියට කැබිනට් අනුමතිය ලබාගැනීමට දින සැලැස්මක් සකස් කර දුන් බවයි.

නමුත් එය සිදු වී නොමැති බවත් මේ නිසා නව දින සැලැස්මක් අවශ්‍ය බවත් එය සකස්කිරීම සඳහාසතියක කාලසීමාවක් ලබාදෙන බවත් කමිටුව සඳහන් කළා.

මේ අනුව ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සතියකින් රැස්වීමට මෙහිදී තීරණය කෙරුණා.

එසේම 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ වන නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03