හර්ෂගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පළමු වරට රැස්වේ

09 වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (07) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානතවයෙන් රැස් වුණා.

මෙහිදී ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර, කැසිනෝ සඳහා නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කාලරාමුවක් සකස්කරන තෙක් මෙම කෙටුම්පත සලකා බැලීම
සතියකින් කල් දැමීම සිදුවුණා.

මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීම පිළිබඳ මින් පෙර සාකච්ඡා වූ බවත්, ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් සකස් කළ කාල රාමුවකට අනුව 2023 ජනවාරි 31 වන විට මෙම නියාමන අධිකාරියට කැබිනට් අනුමතිය ලබාගැනීමට දින සැලැස්මක් සකස් කර දුන් බවයි.

නමුත් එය සිදු වී නොමැති බවත් මේ නිසා නව දින සැලැස්මක් අවශ්‍ය බවත් එය සකස්කිරීම සඳහාසතියක කාලසීමාවක් ලබාදෙන බවත් කමිටුව සඳහන් කළා.

මේ අනුව ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සතියකින් රැස්වීමට මෙහිදී තීරණය කෙරුණා.

එසේම 2021 අංක 30 දරන විසර්ජන පනත යටතේ වන නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ලබාදීමද මෙහිදී සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?