හරක්කටාගේ අර්ශස් රෝගී තත්ත්වයක් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටාගේ රෝගී තත්ත්වය ප්‍රදේශය භාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හෝ ඔහු විසින් නම් කරන වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (14) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

තමන් දිගු කලක් සිට අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධවලින් පීඩා විඳින නමුත් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බැවින්, වෛද්‍යවරයෙකු තමාගේ රෝග තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණිය ද තමන් භාර ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාට අවශ්‍ය ලෙස මිස, තමන්ට ප්‍රතිකාර ලබාදෙනුයේ වෛද්‍ය උපදෙස් මත නොවන බවයි හරක්කටා විත්ති කූඩුවේදී ප්‍රකාශ කර ඇත්තේ.

කුමන පුද්ගලයෙකු වුවත්, යම් කිසි රෝගී තත්ත්වයකට ගොදුරු වූ විට එහි වේදනාව විඳිනුයේ එම පුද්ගලයා බවත්, අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන වෛද්‍ය උපදෙස් මත ඒවා ක්‍රියාත්මක කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය දැනුම්දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී 2023 සැප්තැම්බර් මස 10 වැනිදා ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී පලා යාමට තැත් කිරීම ඇතුළු අධි චෝදනා 22ක් යටතේ හරක්කටාට නමැත්තාට හා ඔහුගේ රියදුරෙකු වන දිනේෂ් තරංග නමැත්තාට මෙන් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිඳු සංදීප් ගුණසේකර නමැති පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද කැඳවනු ලැබුවා.

මෙම නඩුවේ තෙවැනි විත්තිකරු වන දිනේෂ් තරංග නමැත්තා මැයි මස 28 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

දෙවැනි විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය මැයි 22 වැනිදායින් අවසන් වන බැවින් ඔහුව එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ කරුණු දක්වමින් සිය සේවාදායකයාට ලබා දී ඇති රැඳවුම් නියෝගය මැයි 22 වැනිදායින් අවසන් වන බැවින් එදිනට ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

සිය සේවාදායකයා මේ වනවිට වසර ගණනාවක් රැඳවුම් නියෝග භාරයේ රඳවා සිටින බවත්, ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට මුහුණදීමට හෙතෙම වසරකට වැඩි කාලයක් බලා සිටින බවත් පෙන්වාදෙමින් ලබන 28 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව පළවෙනි විත්තිකාර හරක්කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යසේකර මහතා අධිකරණයට දැනුම්දුන්නා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හරක්කටාට නඩු පවරා ඇති බැවින් එම පනතේ 15 වැනි වගන්තිය යටතේ ඔහු ඇතුළු සෙසු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමේ අභිමතය අධිකරණය සතු බවත් නීතිඥවරයා පෙන්වාදුන්නා.

පළවෙනි විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලා යාමට තැත් කළ බැවින් සහ ඔහු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වයක් දක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර අධිකරණයට පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?