හරක්කටාගේ අර්ශස් රෝගී තත්ත්වයක් ගැන අධිකරණයෙන් විශේෂ නියෝගයක්

තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටාගේ රෝගී තත්ත්වය ප්‍රදේශය භාර අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හෝ ඔහු විසින් නම් කරන වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර තම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා අද (14) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

තමන් දිගු කලක් සිට අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධවලින් පීඩා විඳින නමුත් ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබෙන බැවින්, වෛද්‍යවරයෙකු තමාගේ රෝග තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණිය ද තමන් භාර ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාට අවශ්‍ය ලෙස මිස, තමන්ට ප්‍රතිකාර ලබාදෙනුයේ වෛද්‍ය උපදෙස් මත නොවන බවයි හරක්කටා විත්ති කූඩුවේදී ප්‍රකාශ කර ඇත්තේ.

කුමන පුද්ගලයෙකු වුවත්, යම් කිසි රෝගී තත්ත්වයකට ගොදුරු වූ විට එහි වේදනාව විඳිනුයේ එම පුද්ගලයා බවත්, අධිකරණ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන වෛද්‍ය උපදෙස් මත ඒවා ක්‍රියාත්මක කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය දැනුම්දී තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී 2023 සැප්තැම්බර් මස 10 වැනිදා ආරක්ෂාව භාරව සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී පලා යාමට තැත් කිරීම ඇතුළු අධි චෝදනා 22ක් යටතේ හරක්කටාට නමැත්තාට හා ඔහුගේ රියදුරෙකු වන දිනේෂ් තරංග නමැත්තාට මෙන් ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ රවිඳු සංදීප් ගුණසේකර නමැති පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව අද කැඳවනු ලැබුවා.

මෙම නඩුවේ තෙවැනි විත්තිකරු වන දිනේෂ් තරංග නමැත්තා මැයි මස 28 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළා.

දෙවැනි විත්තිකාර පොලිස් කොස්තාපල්වරයාට නිකුත් කර ඇති රැඳවුම් නියෝගය මැයි 22 වැනිදායින් අවසන් වන බැවින් ඔහුව එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළා.

දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ කරුණු දක්වමින් සිය සේවාදායකයාට ලබා දී ඇති රැඳවුම් නියෝගය මැයි 22 වැනිදායින් අවසන් වන බැවින් එදිනට ඔහුට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

සිය සේවාදායකයා මේ වනවිට වසර ගණනාවක් රැඳවුම් නියෝග භාරයේ රඳවා සිටින බවත්, ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවට මුහුණදීමට හෙතෙම වසරකට වැඩි කාලයක් බලා සිටින බවත් පෙන්වාදෙමින් ලබන 28 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් ඇප ඉල්ලීමක් යොමු කිරීමට බලාපොරොත්තු වන බව පළවෙනි විත්තිකාර හරක්කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යසේකර මහතා අධිකරණයට දැනුම්දුන්නා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හරක්කටාට නඩු පවරා ඇති බැවින් එම පනතේ 15 වැනි වගන්තිය යටතේ ඔහු ඇතුළු සෙසු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමේ අභිමතය අධිකරණය සතු බවත් නීතිඥවරයා පෙන්වාදුන්නා.

පළවෙනි විත්තිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලා යාමට තැත් කළ බැවින් සහ ඔහු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වයක් දක්වන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර අධිකරණයට පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?