හයිවේ බස් රූට් දෙකක බස් රථ වර්ජනයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හොරණ – කඩවත සහ පානදුර – කඩවත බස් රථ සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වී මේ වානවිට වර්ජනයක් අරඹා තිබෙනවා.

බස් රථ ගාස්තු ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

එම බස් රථවලින් අය කළ රුපියල් 400ක මුදල මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව එක්ව සංශෝධනය කිරීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.

එම මාර්ගවල ධාවනයවන බස් රථවල හිමිකරුවන් පවසන්නේ මාර්තු පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇති නව ගාස්තු සංශෝධනයකට අනුව හොරණ – කඩවත බස් මාර්ගයේ ගාස්තුව රුපියල් 330ක් ලෙස ද පානදුර – කඩවත මාර්ගයේ ගාස්තුව රුපියල් 360ක් ලෙසට ද අඩුකර ඇති බවයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන, අමතර කොටස්වල මිල ඉහළ යෑම වැනි ගැටලු හේතුවෙන් එම ගාස්තු යටතේ ධාවනය කළ නොහැකි බව පවසමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව බස් රථ හිමියන් වැඩිදුරටත් පවසනවා.

බස් රථ හිමියන් අද (07) දින ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී මේ තත්ත්වය පිළිබඳ ඔවුන් පිළිගත් බවත් මේ පිළිබඳව ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි සතියක් තුළ විසඳුම් ලබාදෙන බව එම නිලධාරීන් පවසනවා.

ඒ අනුව හෙට (08) දිනයේ සිට දිනයේ යළි බස් රථ ධාවනයට එක් කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?