හයිවේ බස් රූට් දෙකක බස් රථ වර්ජනයක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හොරණ – කඩවත සහ පානදුර – කඩවත බස් රථ සේවකයින් බස් ධාවනයෙන් ඉවත් වී මේ වානවිට වර්ජනයක් අරඹා තිබෙනවා.

බස් රථ ගාස්තු ගැටලුවක් මුල්කර ගනිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වුණේ.

එම බස් රථවලින් අය කළ රුපියල් 400ක මුදල මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සහ ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව එක්ව සංශෝධනය කිරීම හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා.

එම මාර්ගවල ධාවනයවන බස් රථවල හිමිකරුවන් පවසන්නේ මාර්තු පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇති නව ගාස්තු සංශෝධනයකට අනුව හොරණ – කඩවත බස් මාර්ගයේ ගාස්තුව රුපියල් 330ක් ලෙස ද පානදුර – කඩවත මාර්ගයේ ගාස්තුව රුපියල් 360ක් ලෙසට ද අඩුකර ඇති බවයි.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන, අමතර කොටස්වල මිල ඉහළ යෑම වැනි ගැටලු හේතුවෙන් එම ගාස්තු යටතේ ධාවනය කළ නොහැකි බව පවසමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බව බස් රථ හිමියන් වැඩිදුරටත් පවසනවා.

බස් රථ හිමියන් අද (07) දින ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී මේ තත්ත්වය පිළිබඳ ඔවුන් පිළිගත් බවත් මේ පිළිබඳව ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරි සතියක් තුළ විසඳුම් ලබාදෙන බව එම නිලධාරීන් පවසනවා.

ඒ අනුව හෙට (08) දිනයේ සිට දිනයේ යළි බස් රථ ධාවනයට එක් කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17