AFC Banner
Empty Ad

හමුදා නිලධාරියෙකුගේ වෙස් ගත් කප්පම්කරු අත්අඩංගුවට

යුද්ධ හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයකු හා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ලබාගත් යුද හමුදාවේ හිටපු සෙබළෙකු පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ තරු තරුපහේ හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙස දැනට සේවය නියුතු අයෙක් බවටයි අනාවරණය වී තිබෙන්නේ.

වැල්ලවත්ත සිට මොරටුව දක්වා භාරව කටයුතු කරණ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස තමන් හඳුන්වා දී ඇති ඔහු කිසිදු හිරිහැරයක් නොමැතිව ජාවාරම සිදු කර ගෙන යෑමට උදව් කරන බව දන්වමින් කප්පම් ලබාගෙන ඇති බව අනාවරණය වුණා.

සැකකරු අවස්ථා කිහිපයකදී යුද්ධ,නාවික, ගුවන් හා පොලිස් බුද්ධි නිලධාරින්ද නොමඟ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෑගල්ල උඩවත්ත පදිංචිකරුවෙක් වන ඔහු වසර 34 ක් යුද්ධ හමුදාවේ සෙබළකු ලෙස රත්මලාන කඳවුරේ ස්වේච්ඡා භට සේනාංකයේ සේවය කර ඇති අයෙක්.

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?