හමුදා නිලධාරියෙකුගේ වෙස් ගත් කප්පම්කරු අත්අඩංගුවට

යුද්ධ හමුදා විශේෂ බලකායේ කපිතාන්වරයකු හා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් කප්පම් මුදල් ලබාගත් යුද හමුදාවේ හිටපු සෙබළෙකු පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ තරු තරුපහේ හෝටලයක ආරක්ෂක නිලධාරියකු ලෙස දැනට සේවය නියුතු අයෙක් බවටයි අනාවරණය වී තිබෙන්නේ.

වැල්ලවත්ත සිට මොරටුව දක්වා භාරව කටයුතු කරණ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි මෙහෙයුම් භාර නිලධාරියා ලෙස තමන් හඳුන්වා දී ඇති ඔහු කිසිදු හිරිහැරයක් නොමැතිව ජාවාරම සිදු කර ගෙන යෑමට උදව් කරන බව දන්වමින් කප්පම් ලබාගෙන ඇති බව අනාවරණය වුණා.

සැකකරු අවස්ථා කිහිපයකදී යුද්ධ,නාවික, ගුවන් හා පොලිස් බුද්ධි නිලධාරින්ද නොමඟ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කෑගල්ල උඩවත්ත පදිංචිකරුවෙක් වන ඔහු වසර 34 ක් යුද්ධ හමුදාවේ සෙබළකු ලෙස රත්මලාන කඳවුරේ ස්වේච්ඡා භට සේනාංකයේ සේවය කර ඇති අයෙක්.

සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28