අම්බලන්ගොඩ පොලිස් වසමේ මහඅම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරිකයකුගේ නිවසට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වී තිබෙනවා.
අදාළ ප්‍රහාරය එල්ල කිරීම සඳහා යතුරු පැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා එම අවස්ථාවේ අධික වේගයෙන් ගමන් කර ඇති අතර එහිදී වහා ක්‍රියාත්මක වූ ඇල්පිටිය කොට්ඨාස අපරාද ඒකකයේ සංග්‍රාමික යතුරුපැදි ඒකකය විසින් එම සැකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් මේ වන විටත් ශ්‍රී ලංකාව යුද හමුදාවේ සක්‍රිය සේවයේ නිරත වන සෙබළුන් දෙදෙනෙක් වන ටහර ඔවුන් එක පව්ලේ සහෝදරයන් බවට ද අනවරණය වී තිබෙනවා.
ඉන් අයෙක් කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් සෙබලෙකු බවත් සිදු කල ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරය එල්ල කිරීමට තත් කළ නිවාස හිමි ව්‍යාපාරිකයාගේ, සොහොයුරන් දෙදෙනෙක්ද මීට වසර කිහිපයකට පෙර වෙඩි තබා ඝාතනය කර ඇති අතර එම වෙඩි තැබීම් සිදු කළ පර්ශවයම මෙය සැලසුම් කතර ඇතිද යන්න සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.













