හමුදාපතිට විරුද්ව පාරට බහිනවා

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවශ්‍ය නිවැරදි දත්ත නිවැරදිව රටට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ජනතාව රවටමින් තවදුරටත් කටයුතු කළහොත් යුද හමුදාපතිවරයාට එරෙහිව පාරට බසින බව ද ඔහු කියා සිටියේය.

කොරෝනා ව්‍යාප්තිය, මරණ ගැන සැබෑ තොරතුරු ජනතාවට පවසන ලෙසද ඉල්ලා සිටි ඔහු රට වසා දමා ජනතාවට කන්න දෙන්න හැකියාවක් නොමැති නම් එයද පවසන්නයි රජයෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

වසංගතය පාලනය දෙවියන්ට බාර දෙන බවට කෙහෙලිය රඹුක්වැල් අමාත්‍යවරයා පැවැසූ දේ සිදු කරන්නම් ජනාධිපතිවරයෙකු ජනතාව විසින් තෝරා පත් කර ගත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
46
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?