හමාස් සමග සටන් විරාමයකට එළඹීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

ඊශ්‍රායලය විසින් හමාස් ත්‍රස්ත සංවිධානය සමග එළඹෙනවා යැයි කියූ සටන් විරාම ගිවිසුම පිළිබඳ ව පැතිරෙන වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

CNN, ALJAZEERA සහ REUTERS යන ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම නිවේදනය ඊශ්‍රායලයේ අගමැති කාර්‍යාලයෙන් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරයේ ඇවිළෙමින් තිබෙන දරුණු සටන්වලට කිසිදු අයුරකින් සටන් විරාමයක් නොතැබෙනු ඇති බවටයි ඊශ්‍රායල අගමැති කාර්‍යාලය පවසා ඇත්තේ.

පසුගිය සඳුදා දිනයේ දී ඊශ්‍රායලයේ දකුණු ගාසා තීරයට දරුණු මෙන් ම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් හමාස් ත්‍රස්ත සංවිධානයෙන් එල්ල කෙරුණා.

ඉන් ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ගේ ජීවිත 1500කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වූ අතර; පලස්තීනය විසින් දරුවන් සහ කාන්තාවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින්, ප්‍රසිද්ධියේ ම ඔවුන්ව මරා දැමීමටයි පියවර ගැනුණේ.

ඊට අදාළ ඡායාරූප පවා සමාජ මාධ්‍ය වෙත හමාස් සංවිධානය විසින් සහ ඊට මිතුරු ගිණුම් හරහා සිදු ව තිබුණා.

මීට ලැබෙන ප්‍රතිචාරය දරුණු විය හැකි බවටයි ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ.

හමාස් ත්‍රස්ත කණ්ඩායම විනාශ කිරීම සඳහා සිය හමුදාව ළඟදීම ගාසා තීරයට ඇතුළු වන බවටයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රධානියා පැවසුවේ.

එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඊජිප්තුව රෆා දේශ සීමාව හරහා ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීම සඳහා සටන් විරාමයකට එකඟ වී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
5
+1
0
+1
4
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13


?