හමාස් සමග සටන් විරාමයකට එළඹීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

ඊශ්‍රායලය විසින් හමාස් ත්‍රස්ත සංවිධානය සමග එළඹෙනවා යැයි කියූ සටන් විරාම ගිවිසුම පිළිබඳ ව පැතිරෙන වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

CNN, ALJAZEERA සහ REUTERS යන ලෝක ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම නිවේදනය ඊශ්‍රායලයේ අගමැති කාර්‍යාලයෙන් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගාසා තීරයේ ඇවිළෙමින් තිබෙන දරුණු සටන්වලට කිසිදු අයුරකින් සටන් විරාමයක් නොතැබෙනු ඇති බවටයි ඊශ්‍රායල අගමැති කාර්‍යාලය පවසා ඇත්තේ.

පසුගිය සඳුදා දිනයේ දී ඊශ්‍රායලයේ දකුණු ගාසා තීරයට දරුණු මෙන් ම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් හමාස් ත්‍රස්ත සංවිධානයෙන් එල්ල කෙරුණා.

ඉන් ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ගේ ජීවිත 1500කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වූ අතර; පලස්තීනය විසින් දරුවන් සහ කාන්තාවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගනිමින්, ප්‍රසිද්ධියේ ම ඔවුන්ව මරා දැමීමටයි පියවර ගැනුණේ.

ඊට අදාළ ඡායාරූප පවා සමාජ මාධ්‍ය වෙත හමාස් සංවිධානය විසින් සහ ඊට මිතුරු ගිණුම් හරහා සිදු ව තිබුණා.

මීට ලැබෙන ප්‍රතිචාරය දරුණු විය හැකි බවටයි ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කළේ.

හමාස් ත්‍රස්ත කණ්ඩායම විනාශ කිරීම සඳහා සිය හමුදාව ළඟදීම ගාසා තීරයට ඇතුළු වන බවටයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රධානියා පැවසුවේ.

එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඊජිප්තුව රෆා දේශ සීමාව හරහා ගාසා තීරයට මානුෂීය ආධාර ලබාදීම සඳහා සටන් විරාමයකට එකඟ වී ඇති බවයි.

කෙසේ වෙතත්, මෙය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09