හමාස් සංවිධානයේ දේශපාලන නායකයා මරුට

හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරානයේ දී මිය ගොස් තිබෙනවා.

පලස්තීන සටන්කාමී සංවිධානයක් වන හමාස්, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ටෙහෙරානයේ ඔහුගේ නිවසේ ඊශ්‍රායලය කළ වැටලීමකදී සිය නායකයා මිය ගිය බවයි.

ඉරාන ආරක්ෂක අංශ නිවේදනය කළේ හමාස් නායකයා සහ ඔහුගේ ආරක්ෂකයෙක් මිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි.

හමාස් සංවිධානයට අනුව, ඉරාන නව ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා Haniyeh ටෙහෙරානයට පැමිණි තිබෙනවා.

හැට දෙහැවිරිදි ඉස්මයිල් හනියේ 1980 සිට හමාස් සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයෙක්.

2006 වසරේ පැවති මැතිවරණය ජය ගනිමින් පලස්තීන අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ හනියේ ඉන් වසරක පසු ජනාධිපති මොහමඩ් අබ්බාස් විසින් ධුරයෙන් පහ කරනු ලැබුවා.

ඊට හේතු වුණේ එවකට පැවති හමාස් – ෆටා ගැටුමයි.කෙසේ වෙතත් ජනාධිපති අබ්බාස්ගේ තීරණය නොතකා හැරි ඉස්මයිල් හනියේ දිගින් දිගටම අග්‍රාමාත්‍යවරයා ලෙස ගාසා තීරයේ කටයුතු කළා.

ඔහු හමාස් දේශපාලන අංශයේ ප්‍රධානියා ලෙස පත් වන්නේ 2017 වසරේදී.

එම පත්වීම හමාස් සංවිධානයේ නායකත්වය ලෙස සැලකෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 2018 දී, හනියේ ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළා.

ඔහු පසුගිය වසර කිහිපයක සිට කටාර්හි පදිංචිව සිටියා.

මේ අතර ඊශ්‍රායලය පවසන්නේ ලෙබනන් අගනුවර වන බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක දියත් කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු මරා දැමූ බවයි.

ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ බලකොටුවක් වන Dahiyeh හි පිපිරීමෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ පවසන්නේ සෙනසුරාදා ගෝලාන් කඳුකරයට රොකට් ප්‍රහාරයක් එල්ල කර දරුවන් ඇතුළු 12 දෙනෙකු, ඝතානයට ඔහු වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානය එම ප්‍රහාරයේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

ලෙබනනයේ අගමැති නජීබ් මිකාටි ඊශ්‍රායල ආක්‍රමණ හෙළා දැක තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
7
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?