හමාස් සංවිධානයේ දේශපාලන නායකයා මරුට

හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරානයේ දී මිය ගොස් තිබෙනවා.

පලස්තීන සටන්කාමී සංවිධානයක් වන හමාස්, නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ටෙහෙරානයේ ඔහුගේ නිවසේ ඊශ්‍රායලය කළ වැටලීමකදී සිය නායකයා මිය ගිය බවයි.

ඉරාන ආරක්ෂක අංශ නිවේදනය කළේ හමාස් නායකයා සහ ඔහුගේ ආරක්ෂකයෙක් මිය ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි.

හමාස් සංවිධානයට අනුව, ඉරාන නව ජනාධිපති Masoud Pezeshkian ගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා Haniyeh ටෙහෙරානයට පැමිණි තිබෙනවා.

හැට දෙහැවිරිදි ඉස්මයිල් හනියේ 1980 සිට හමාස් සංවිධානයේ ප්‍රමුඛ සාමාජිකයෙක්.

2006 වසරේ පැවති මැතිවරණය ජය ගනිමින් පලස්තීන අග්‍රාමාත්‍යවරයා ලෙස ද කටයුතු කළ හනියේ ඉන් වසරක පසු ජනාධිපති මොහමඩ් අබ්බාස් විසින් ධුරයෙන් පහ කරනු ලැබුවා.

ඊට හේතු වුණේ එවකට පැවති හමාස් – ෆටා ගැටුමයි.කෙසේ වෙතත් ජනාධිපති අබ්බාස්ගේ තීරණය නොතකා හැරි ඉස්මයිල් හනියේ දිගින් දිගටම අග්‍රාමාත්‍යවරයා ලෙස ගාසා තීරයේ කටයුතු කළා.

ඔහු හමාස් දේශපාලන අංශයේ ප්‍රධානියා ලෙස පත් වන්නේ 2017 වසරේදී.

එම පත්වීම හමාස් සංවිධානයේ නායකත්වය ලෙස සැලකෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව 2018 දී, හනියේ ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළා.

ඔහු පසුගිය වසර කිහිපයක සිට කටාර්හි පදිංචිව සිටියා.

මේ අතර ඊශ්‍රායලය පවසන්නේ ලෙබනන් අගනුවර වන බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක දියත් කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු මරා දැමූ බවයි.

ලෙබනන් සන්නද්ධ කණ්ඩායමේ බලකොටුවක් වන Dahiyeh හි පිපිරීමෙන් අවම වශයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ පවසන්නේ සෙනසුරාදා ගෝලාන් කඳුකරයට රොකට් ප්‍රහාරයක් එල්ල කර දරුවන් ඇතුළු 12 දෙනෙකු, ඝතානයට ඔහු වගකිව යුතු බවයි.

කෙසේ වෙතත් හිස්බුල්ලා සංවිධානය එම ප්‍රහාරයේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා.

ලෙබනනයේ අගමැති නජීබ් මිකාටි ඊශ්‍රායල ආක්‍රමණ හෙළා දැක තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32