හමාස් භීෂණ මැද මළසිරුරු බෑග්වල බහා ට්‍රක් රථවලට පටවයි

ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් නිසා හමාස් ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලයට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු ව මේ වනවිට එම ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 1500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ගාසා තීරයේ දේශ සීමා අර්බුදය සහ දේශපාලනික හේතු මතයි දිගු කලක සිට දෙපාර්ශ්වය අතර මෙලෙස ගැටුම් හටගෙන ඇත්තේ.

IDF (ඊශ්‍රායල ආරක්ෂක බලකාය) නිවේදනය කළේ ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලයේ කිබුට්ස් – කෆාර් නගරයේ ආසා හි ගිනිගත් නිවාසවලින් පිටත මියගිය සිය වැසියන්ගේ මෙන් ම පලස්තීන ප්‍රහාරකයන්ගේ සිරුරු තැන්පත් කර ඇති බවයි.

මෙම යුදමය භීෂණය හමුවේ ඊශ්‍රායලයේ දරුවන්ගේ ආරක්ෂාව අනාරක්ෂිත මට්ටමකට පත් ව ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම දරුණු ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාරවලින් පලස්තීනයේ ප්‍රහාරකයින් 1500ක් පමණ මියගොස් ඇති බවයි ඊශ්‍රායල ආරක්ෂක බලකාය සඳහන් කළේ.

මෙම ප්‍රහාරවලට අමතර ව පලස්තීන ප්‍රහාරකයින් විසින් ඊශ්‍රායලයේ කෆාර් හි නිවාස ගිනි තබා විනාශ කර ඇති අතර, ඇතැම් නිවාස කොල්ලකා තිබෙනවා.

නිවාස ගිනි ගැනීමෙන් පසු ව ආසා නගරයෙහි පිහිටි බොහෝ නිවාසවල ගෘහ භාණ්ඩ පමණක් නොව, පුපුරා නොගිය අත් බෝම්බ ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායල හමුදා හමාස් ප්‍රහාරකයින්ගෙන් කිබුට්ස් ආරක්‍ෂා කර පැය කිහිපයකට පසු මේජර් ජෙනරාල් ඉටායි වෙරුව් අඟහරුවාදා CNN වෙත පැවසුවේ තමන්ගේ වෘත්තීය ජීවිතය වසර 40ක් බවත්, එහෙත් එම කාලය තුළ මෙවන් ඛේදවාචකයක් තමන් නොදුටු බවයි.

IDF ගෙයින් ගෙට යමින්, මළසිරුරු බෑග්වලට දමා, ට්‍රක් රථවලට දමා තිබෙනවා.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF)පැවසුවේ කාන්තාවන්, ළමයින්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ව හමාස් ත්‍රස්ත සංවිධානය විසින් අමානුෂික අන්දමින් මරා දමා ඇති බවයි.

ගැටුම හටගත් දා සිට ඊශ්‍රායලයේ අවම වශයෙන් සිවිල් වැසියන් 1,200ක් මිය ගොස් ඇති බව IDF ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් අද පෙරවරුවේ ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
1
+1
3
+1
38
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11


?