හමාස් ප්‍රාණ ඇපයේ සිටි හයදෙනෙකුගේ මළ සිරුරු උමගකින් හමුවේ (ඡායාරූප)

හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් හයදෙනෙකුගේ සිරුරු තම හමුදාව විසින් සොයාගෙන ඇති බව ඊශ්‍රායලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියා සිටියේ මෙම මළ සිරුරු සෙනසුරාදා (31) රෆා ප්‍රදේශයේ භූගත උමගක තිබී සොයාගත් බවයි.

මේ වනවිට එම මළ සිරුරු ඊශ්‍රායල භූමියට ගෙනවිත් ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළා.

මෙලෙස ඝාතනය කළ හයදෙනා අතර කාන්තාවන් දෙදෙනෙක් ද වන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

හර්ෂ් ගෝල්ඩ්බර්ග්, අල්මොග් සරුසි, ඇලෙක්ස් ලුබ්නොව්, ඔරි ඩැනිනෝ,ඊඩන් යෙරුෂල්මි සහ කර්මෙල් ගැට් යන අය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා සිටිය දී හමාස් සංවිධානය මෙලෙස ඝාතනය කර තිබෙනවා.

මේ අතර මෙම හයදෙනා අතර සිටින 23 හැවිරිදි හර්ෂ් ගෝල්ඩ්බර්ග් නැමැත්තා එක්සත් ජනපද පුරවැසියෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

2023 ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලට එල්ල කළ ප්‍රහාරයේ දී මොවුන් සියලු දෙනා ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් තිබුණා.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
1
+1
21
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?