AFC Banner
Empty Ad
Empty Ad

හමාස් ප්‍රහාර හමුවේ මියගිය සහ අතුරුදන්ව සිටින විදෙස් ජාතිකයින්ගේ ලැයිස්තුවක් නිකුත් වේ

පසුගිය සතියේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් 1300කට අධික පිරිසක් මිය ගියා.

AFP ප්‍රවෘත්ති ඒජන්සිය ඔවුන්ගේ ජාතික බලධාරීන්ගේ තොරතුරු මත පදනම්ව මේ වනවිට මියගිය, අතුරුදහන් වූ හෝ ප්‍රාණ ඇපයට ගත් විදේශිකයන් 100 කට වැඩි සංඛ්‍යාවකගේ ලැයිස්තුවක් මේ වනවිට සම්පාදනය කර තිබෙනවා.

ඒ, අනුව ඇමරිකා ජාතිකයින් 27 දෙනෙක්, තායිලන්තය ජාතිකයින් 24ක්, ප්‍රංශ ජාතිකයින් 15ක්, නේපාල ජාතිකයින් 10ක්, ආර්ජන්ටිනා සහ යුක්‍රේන ජාතිකයින් සොව් දෙනා බැඟින් මියගොස් තිබෙනවා.

මීට අමතරව රුසියානු, එක්සත් රාජධානිය සහ චිලී ජාතිකයින් සිව්දෙනෙකු බැඟින් මෙම ප්‍රහාර හමුවේ මියගොස් ඇති අතර, ඔස්ට්‍රියානු, බෙලරුස්, කැනේඩියානු, චීන, පිලිපීන සහ බ්‍රසීල ජාතිකයින් තිදෙනා බැඟින් මියගොස් ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම පේරු සහ රුමේනියානු ජාතිකයින් දෙදෙනෙකු බැඟින් හමාස් ප්‍රහාරයන් හමුවේ මියගොස් තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාව, අසර්බයිජානය, කාම්බෝජය, අයර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, කොලොම්බියාව, පැරගුවේ යන රටවලට අයත් එක් පුද්ගලයෙකු බැඟින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජර්මනිය සහ මෙක්සිකෝ ජාතිකයින් කිහිප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් සටන්කාමීන් රඳවාගෙන ඇති අතර, ඉතාලි, පැරගුවේ, ශ්‍රී ලංකා සහ ටැන්සානියා ජාතිකයින් කිහිප දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?