හමාස් ප්‍රහාර හමුවේ මියගිය සහ අතුරුදන්ව සිටින විදෙස් ජාතිකයින්ගේ ලැයිස්තුවක් නිකුත් වේ

පසුගිය සතියේ හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් 1300කට අධික පිරිසක් මිය ගියා.

AFP ප්‍රවෘත්ති ඒජන්සිය ඔවුන්ගේ ජාතික බලධාරීන්ගේ තොරතුරු මත පදනම්ව මේ වනවිට මියගිය, අතුරුදහන් වූ හෝ ප්‍රාණ ඇපයට ගත් විදේශිකයන් 100 කට වැඩි සංඛ්‍යාවකගේ ලැයිස්තුවක් මේ වනවිට සම්පාදනය කර තිබෙනවා.

ඒ, අනුව ඇමරිකා ජාතිකයින් 27 දෙනෙක්, තායිලන්තය ජාතිකයින් 24ක්, ප්‍රංශ ජාතිකයින් 15ක්, නේපාල ජාතිකයින් 10ක්, ආර්ජන්ටිනා සහ යුක්‍රේන ජාතිකයින් සොව් දෙනා බැඟින් මියගොස් තිබෙනවා.

මීට අමතරව රුසියානු, එක්සත් රාජධානිය සහ චිලී ජාතිකයින් සිව්දෙනෙකු බැඟින් මෙම ප්‍රහාර හමුවේ මියගොස් ඇති අතර, ඔස්ට්‍රියානු, බෙලරුස්, කැනේඩියානු, චීන, පිලිපීන සහ බ්‍රසීල ජාතිකයින් තිදෙනා බැඟින් මියගොස් ඇති බවයි අදාළ වාර්තාවල දැක්වෙන්නේ.

එමෙන්ම පේරු සහ රුමේනියානු ජාතිකයින් දෙදෙනෙකු බැඟින් හමාස් ප්‍රහාරයන් හමුවේ මියගොස් තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාව, අසර්බයිජානය, කාම්බෝජය, අයර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, කොලොම්බියාව, පැරගුවේ යන රටවලට අයත් එක් පුද්ගලයෙකු බැඟින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජර්මනිය සහ මෙක්සිකෝ ජාතිකයින් කිහිප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් සටන්කාමීන් රඳවාගෙන ඇති අතර, ඉතාලි, පැරගුවේ, ශ්‍රී ලංකා සහ ටැන්සානියා ජාතිකයින් කිහිප දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

  1. දැනට mama israel rate saththsewaye වසර 11 wenawa සේවයේ neyathuwa ath me wage අර්බුදයක් awe ne danata mama telw .ramala නගරයේ bin ගෙවල් යට mage හාම්පුතා ayage දරුවන් සමඟ kesema කරදරයක් nethewa ennawa aka deyai oba samagen ellanne me rata සාමය udawewa keya parthana karanna a athi බුදුසරණයි හැමෝටම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25