AFC Banner
Empty Ad
Empty Ad

හමාස් ප්‍රහාරවලින් මියගිය අනුලා ජයතිලකගේ දේහය අද දිවයිනට

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික සේවිකා අනුලා ජයතිලකගේ දේහය අද (28) පෙරවරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව අද (28) පෙරවරු 11.00 පමණ අයගේ දේහය රැගත් ගුවන් යානය දිවයිනට පැමිණෙනු ඇති බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළේ.

මේ අතර පසුගිය දා අනුලා ජයතිලකගේ දේහයට ඊශ්‍රායලයේ දී ආගමික වතාවත් සිදුකර අවසන් ගෞරව දැක්වීමට ද කටයුතු කර තිබුනා.

ඊශ්‍රායලයේ නිවසක සාත්තු සේවිකාවක ලෙස රැකියාව කරමින් සිටිය දී පසුගිය 07 වනදා එල්ල වූ හමාස් ප්‍රහාරයට ලක්ව අනුලා ජයතිලක රත්නායක අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
11
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?