හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි 21ක් සඟවා තිබිය දී සොයාගත් සිද්ධියට අත්අඩංගුවට ගනු ලැබූ හම්බන්තොට කුරුළු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද (17) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

52 හැවිරිදි මෙම සැකකරු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

හම්බන්තොට කුරුළු උයනේ ගබඩාවක සඟවා තිබූ අධි ධාරිතාවෙන් යුත් යතුරුපැදි 21ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය සතියේ සොයාගනු ලැබුවා.

මේ සමඟ කුරුළු උයනේ කළමනාකරු හා ගබඩා පාලකවරයා ද පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?