හඳුනා නොගත් උණ රෝගයකින් අවුරුදු 13ක දරුවෙක් මිය ගිහින්

හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයකට ගොඳුරුවීමෙන් වයස අවුරුදු 13ක දරුවෙක් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (06) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අබ්දුල් අසීස් නැමැති 08 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවෙක්.

“මගේ පුතාගෙ වයස අවුරුදු 13යි. එයා අබ්දුල් අසීස්, එයාට මීට දින දෙකකට පමණ පෙර ඔලුවෙ කැක්කුමක් එක්ක උණ රෝගී තත්වයක් ඇති වුණා. උණ වරින් වර අඩු වුණා, වැඩි වුණා. පස්සෙ පෙරේදා රාත්‍රී මගේ පුතා තද නින්දකට වැටුණා. මේක අසාමාන්‍ය තත්ත්වය නිසා ඊයේ (05) රාත්‍රී 10.30ට විතර මීගමුව මහ රෝහලට අපි පුතාව ඇතුළත් කළා. එහිදී පුතාව දැඩි සත්කාර ඒකකයට යොමු කළා. ඒකේ වෛද්‍යවරුන් ලොකු උත්සාහයක් ගත්තා. පුතා රාත්‍රී ගත් ආහාර පවා එළියට ගත්තා. නමුත් පුතාට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තිබුණා. අද (06) අලුයම 12.20ට මගේ පුතා මිය ගියා.” යනුවෙන් දරුවාගේ පියා අදහස් දක්වමින් සඳහන් කළා.

දරුවාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මතෘ ශරීරාගාරයේ තබා ඇති අතර, මීගමුව රෝහල් පොලිසිය මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
16
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22