ජය ශ්‍රී කියන්නෙ වයස් භේදයක් නැතුව අපි තවමත් ආදරේ කරන ගීත රැසක හිමිකරුවන්.රෝහිත,රොහාන් දෙදෙනා අදටත් ඒ ප්‍රසිද්ධිය නොකඩවා ඉදිරියටම රැගෙන ආ දෙදෙනෙක්.මේ දිනවල මුහුණු පොතේ සැරිසරන විට රෝහිත ජයලත් ගේ Post එකක් අපේ නෙත ගැටුනා.
“දැන් ඉතිම් වෙඩිමකට, ෂෝ එකකට සිංදු කියන්න කෝච්චියේ, බස් එකේ .. ළඟ ඒවලට බයිසිකලේවත් යන්න තමයි වෙලා තියෙන්නේ! ජීවත්වෙන්න එපැයි! හනේ අෆෝයි රටකට හොඳටම කරපු හදිය! “
ඒ රෝහිත ජයලත් සිය මුහුණු පොතේ දැමූ සටහනයි.කෙසේ නමුත් මෙරට පවතින මේ අර්බුධකාරී තත්වය හමුවේ කලාකරුවන්ට තමන්ගේ කලා කටයුතු කරගෙන යෑම පවා අසීරු වී ඇති බව මෙවන් අදහස් දුටු විට අපට පෙනී යනවා.කොවිඩ් අර්බුධය හමුවේ කලා කටයුතු නැවතුණා සේම මේ වනවිට ඔවුන් නැවතත් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.





















