සේවා කාලය අවසන් කර සිය රට බලා නික්ම යන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් අද (19) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.
අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ඇය ජනාධිපතිවරයා හමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
හනා සිංගර් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිවරයා ඇය ශ්‍රි ලංකාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට ලක් කරමින් ස්තූතිය පිරිනැමුවා.
හනා සිංගර් 2018 සැප්තැම්බර් 07 දා සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














