හදිසි නීති රෙගුලාසිවලට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු උද්ගත වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පනවන ලද හදිසි නීති රෙගුලාසිවලින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළා.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද (26) මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් තර්ක කර තිබුණේ අදාළ හදිසි නීති රෙගුලාසි මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට අහිතකර බලපෑම් එල්ල වන බවයි.

කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, එම පෙත්සම් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව තීරණය කරමින් ඒවා ඉවත දැමීමට පියවර ගත්තා.

ස්වභාවික ව්‍යසනයකින් පසු රටේ සාමය සහ සහන සේවා පවත්වාගෙන යාම සඳහා රජය ගත් ක්‍රියාමාර්ග මෙලෙස අධිකරණයේදී තහවුරු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?