AFC Banner
Empty Ad
Empty Ad

හදිස්සියේ අගමැතිගෙන් මහබැංකු අධිපතිට ලැබුණු උපදෙස්

ආනයන සීමාවන් අවම කර ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට දැනුම් දී තිබෙනවා.

ඒ හරහා අග්‍රාමාත්‍යවරයා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් දී ඇත්තේ මේ වන විට සීමාවන්ට යටත් කර ඇති අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා වන සීමාවන් හැකිතාක් ලිහිල් කරන ලෙසයි.

ඇතැම් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පන්වා ඇති සීමාවන් හේතුවෙන් මේ වන විට කුඩා ව්‍යාපාරිකයින් සහ ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇති බව පෙන්වා දෙන ග්‍රමාත්‍යවරයා මහ බැංකු බැංකු අධිපතිවරයාට දන්වා ඇත්තේ එම තත්ත්වය සැලකිල්ලට ගෙන ඊට අවශ්‍ය පිළියම් යෙදීමට වහාම කටයුතු කරන ලෙසයි.ඒ අනුව ලිහිල් කළ හැකි සීමාවන් සහ සීමාවන් ලිහිල් කළ හැකි අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ පිළිබඳව නැවත සලකා බැලීමක් සිදුකිරීමට මහ බැංකු අධිපතිවරයා එකඟතාව පළකල බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?