හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව යළිත් නඩු දායි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා.

නියමිත කාලයට පෙර තම කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට එරෙහිව ඔහු මෙම නඩුව පවරා ඇති බවයි වාර්තා වන්නේ.

ස්විට්සර්ලන්තයේ පිහිටි ක්‍රීඩා බේරුම්කරණ අධිකරණයේ චන්දික හතුරුසිංහ විසින් මෙම නව නඩුවක් ගොනු කර තිබෙනවා.

ආදායම් අහිමි වීම, අවස්ථා අහිමි වීම සහ කීර්ති නාමයට හානිවීම වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා ඔහු මෙම නඩුව පවරා ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?