බස් රථයකට යට වී 07 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙම ඛේදනීය සිදුවීම වාර්තා වන්නේ වව්නියාව – පාවක්කුලම ප්‍රදේශයේ දියි.
උළුක්කුලම පොලිසිය පැවසුවේ පාපැදියකින් මිතුරන් පිරිසක් සමඟ ගමන් ගත් දරුවෙකුගේ පාපැදිය බස්
රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ දරුවා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අබ්දුල් මජීඩ් උමර් නමැති දරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන්
උළුක්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1