හතරෙ පංතියේ දැරිය නිහඬ මාරයා අරන් ගිහින්

හතර ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියක් හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාචි කුමාවත් නැමැති ඉන්දියාවේ සිකාර් දිස්ත්‍රික්ක‍යේ ජීවත් වූ වයස අවුරුදු 09ක දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය පසුගිය අඟහරුවාදා දිනයේ දැරිය දිවා ආහාරය ලබාගැනීමට කෑම පෙට්ටිය විවෘත කරන අතරතුර ක්ලාන්තය වී බිම ඇඳ වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී ගුරුවරු ඉක්මනින් ඇයව ළඟම ඇති ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඇය සෞඛ්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු සිකාර් හි දිස්ත්‍රික් රෝහලට යොමු කිරීමට කටයුතු කළ බවයි එහි වෛද්‍යවරුන් පවසන්නේ.

එලෙස දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ දැරිය එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් තිබෙනවා.

එම රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ හෘදයාබාධයක රෝග ලක්ෂණ දැරියට පෙන්නුම් කළ බවයි.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව දැරියගේ දේහය පවුලේ ඥාතින් විසින් අවසන් කටයුතු සඳහා නිවසට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
7
+1
2
+1
3
+1
58
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?