හතරෙ පංතියේ දැරිය නිහඬ මාරයා අරන් ගිහින්

හතර ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියක් හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාචි කුමාවත් නැමැති ඉන්දියාවේ සිකාර් දිස්ත්‍රික්ක‍යේ ජීවත් වූ වයස අවුරුදු 09ක දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දැරිය පසුගිය අඟහරුවාදා දිනයේ දැරිය දිවා ආහාරය ලබාගැනීමට කෑම පෙට්ටිය විවෘත කරන අතරතුර ක්ලාන්තය වී බිම ඇඳ වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දී ගුරුවරු ඉක්මනින් ඇයව ළඟම ඇති ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයට ගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

ඇය සෞඛ්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු සිකාර් හි දිස්ත්‍රික් රෝහලට යොමු කිරීමට කටයුතු කළ බවයි එහි වෛද්‍යවරුන් පවසන්නේ.

එලෙස දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කළ දැරිය එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස මියගොස් තිබෙනවා.

එම රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කරන්නේ හෘදයාබාධයක රෝග ලක්ෂණ දැරියට පෙන්නුම් කළ බවයි.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරව දැරියගේ දේහය පවුලේ ඥාතින් විසින් අවසන් කටයුතු සඳහා නිවසට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05
Video thumbnail
මේ නැවත අරන් එන්නේ කෲර නීතියක් - අපි මේකට විරුද්ධයි
04:13
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර බලෙන් ගලවපු ජගතා කවුද..?
07:09
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් පෙරට ආ උලපනේ හිමි - ඥානසාර මැ#වත් චීවරේ අත් හරින්නේ නෑ
10:16
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:37
Video thumbnail
ජනාධිපතිතුමා හිරේට ආවත් ජම්පරේ අන්දනවා..?
04:49
Video thumbnail
වැඩිකල් නෑ මේ ආණ්ඩුවට - බුදු සරණයි හාමුදුරුවනේ
02:00
Video thumbnail
රජය තාප බලාගාර, ඉන්ධන බලාගාර මාෆියාවට ආදරෙයි - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
13:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57