හක් බෙල්ලන් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත්‍ර රහිත ව නීතිවිරෝධී ව ප්‍රවාහනයට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් සමගම පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ; පෙරේදා (30) මෙම මෙහෙයුම නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ දී සිදු කළ බවයි.

මෙහෙයුමෙන් හක් බෙල්ලන් 1180ක පමණ තොගයක් සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

මෙම මෙ‍හෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52 ක් වන කල්පිටිය මණ්ඩල්කුඩා ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එම සැකකරු සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?