හක්ගල උද්භිත උද්‍යානය නරඹන්න වාර්තාගත සෙනඟක් (වීඩියෝ)

වසන්ත සමයේ උදාවත් සමඟ මෙවර හක්ගල උද්භිත උද්‍යානය නැරඹිම සඳහා වාර්තාගත සංචාරකයින් පිරිසක් පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් උද්‍යානයේ දෛනික ආදායම ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 09ක් පමණ දුරින් හමුවන හක්ගල උද්භිත උද්‍යානය ලංකාවේ දෙවන විශාලතම උද්භිත උද්‍යානය ලෙස සැළකෙනවා.

ශ්‍රී ලංකාවේ පිහිටි දර්ශනීය උද්භිද උද්‍යානයක් ලෙස හක්ගල හැඳින්විය හැකි අතර, උද්‍යානය අවට දැඩි සංවේදී පරිසර පද්ධතියකින් සමන්විතයි.

1861 දී ඉංග්‍රීසි පාලකයන් විසින් හක්ගල, උද්භිද උද්‍යානයක් බවට පත් කරනු ලැබුවා.

සොබාදහමේ අපූරු දායාදයක් වන හක්ගල රෝස උයන, පළතුරු උයන, වීදුරු ගෘහය, නොක් ගිම්හාන නිවාසය, ඉහළ පුෂ්ප උයන, අධ්‍යයන හා ව්‍යාප්තිය, බල්බ උයන, මධ්‍යම පොකුණ හා පැළ විකුණුම්හලෙන් සමන්විත මෙම උද්භිත උද්‍යානය වසර 150කට අධික පෙර ඉදිකළ අපූරු නිරමාණයක්.

මේ නිසාම දෙස් විදෙස් සංචාරකයන් අතර හක්ගල උද්භිත උද්‍යානය ඉතාමත් ප්‍රචලිතයි.

මෙවර වසන්ත සමයේ උදාවත් සමඟ හක්ගල මල්වත්ත විවිධාකාර මල්වලින් සහ ශාකවලින් වර්ණවත් වී ඇති අයුරු දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?